නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

24 October, 2015

ආදරයේ තවත් එක කතාවක්....



ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...
ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...
හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...


ජීවිතේ එක සුන්දර දවසක ආදරෙන් බැඳෙන මේ දෙන්නට අහේතුක හේතුවක් හින්දා වෙන්වෙන්න සිද්ද වෙන්නේ ඒ දෙන්නාවත් නොහිතපු විදිහට.දෛවය අපේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා තමයි, ඒත් හැම වෙලවෙම අසාධාරන වෙන්නෙත් නෑ. කාලය ගෙවිලා ගියාට පස්සේ මේ දෙන්නා ආපහු මුනගැහෙනවා. දෛවයේ තවත් සරදමක් හින්දාද කොහෙදෝ මේ වෙද්දිත්මේ දෙන්නාම තනිකඩයි. ඒත් මේ දෙන්නා ඒක දැනගෙන හිටියේ නෑ එතකොටත්. දෙන්නා දෙපැත්තකට වෙලා කල්පනා කරනවා. ගොඩක් අහින්සක විදිහට මේ ගෑණු ළමයා මේ මුල් වචන ටික ලියලා යවනවා පරණ ආදරේ ගැන මතක් කරලා.

ඉස්සර වාගේ තුරුලේ ඉන්නට
අවසර නැතිමුත් ලොවට හොරෙන්
ඉස්සර වාගේ මා හමුවන්නට
නාවත් හිනැහී ආදරයෙන්
තාමත් මතකයිහිනැහුනු ඔය ඇස්
සෙනෙහස පුරවන් පොකුරු පිටින්
ඉඩ දෙනවාදෝ ඔබේම වෙන්නට
ඔය උනුහුම ලඟ එක මොහොතක්...
එය මට මුලු අහසක්...

 එතකොට තමයි පිරිමි ලමයාටත් තේරුම් යන්නේ එයාලගේ ජීවිත කොයි තරම් වෙනස් වුනත් තාමත් ඒ දෙන්නාගේ ආදරේ නැවුම් කියලා. ගෑණු ළමයට උත්තරයක් විදිහට එයා මේ දෙවනි කවිය ලියලා එවනවා.

ඉස්සර දවසක උනුසුම විද විද
ආදර ලොවකට පාර කියූ
සුන්දර සිහිනය ආයෙත් විඳිනට
එන්න යලිත් මා ලඟට කියූ
පෙම්බර ඔබ හැර වෙන අන් සිතකට
කිසිවිටෙකත් සිත වසඟ නොවූ
පින්බර දවසක ඔබෙ අත අරගමි
පෙම්බර විලසට සිහින මැවූ...

කතාවේ ඉතුරු ටික ඔයාලටම හිතාගන්න පුලුවන් කියලා මම හිතනවා...

හීන දිගන්තය අද්දර ඉඳගෙන
ඔය නිල් නෙතු යුග දිහා බලන්
ඔය තුරුලේ සැතපී නැලවෙන්නට ආසයි
ඔය පපුතුර මගෙ මුහුන හොවන්
එන්නම් දිනයක ලස්සන උදයක
අලුත් ඉරක් යට ආදරයෙන්
අවසර දෙනුමැන ඔබේම වන්නට
මතු උපදින සැම බවයකමත්...

ඇත්ත, ආදරේ සුන්දරයි, ඇත්ත ආදරේ කවදාවත් නැතිවෙන්නෙත් නෑ. නැති කරවන්නත් බෑ.... 

රචනය:  මිනෝලි ලියනාරච්චි

10 comments:

  1. ආදරය කවදත් ලස්සනයි. කවියත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඉයන් මේ පැත්තෙ ඇවිත් යනවට.

      ඇගයීම ගැනත් ස්තුති. (මිනෝලි වෙනුවට)

      Delete
  2. ලස්සනයි කසුන්...................

    දැන් ලියලා තියන ඒක කියවා ගන්න පුළුවන්ද??? අකුරු අවුල තාම තියනවා.. ඒත් අවුල් අඩු කරලයි මං ලිවුවේ.....

    ReplyDelete
    Replies
    1. හරි හරි. මේකෙනම් එක කොම්බුවක විතරයි අව්ලක් තිබුනෙ. ඒක තමි ලෙඩේ එහෙනම්.
      ස්තුති තුෂාර.

      Delete
    2. අලුත් පෝස්ටුව පැත්තට අාවම මුල් කෑල්ල බලන්න..... ඒක අවුල් නැතුව දැම්මා.......

      Delete
  3. මාව අගය කරලා තියෙන හැමෝටම ගොඩාක් ස්තුතියි... :)

    ReplyDelete