නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

28 September, 2015

ඔබ කැමති ද කියවන්න....?

මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න.

ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා සිටීමට, ඔබ පාඩම් කරන විට හඬ නගා පොත් කියවා ඇත. බොහෝ විට මේ කාර්ය සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් ඔබ කියවන පොත තවත් කෙනෙකු අසා සිටිනු ඇත. විශේෂය නම් ඔහු හෝ ඇය ඔබ කලින් කියවන විට අසා සිටි තැනැත්තා නොවීමයි.

ඔබ කියවන පොත තවත් ඔබ මෙන්ම පොත් කියවීමට ආසාවෙන් සිටින නමුත් කියවිය නොහැකි පාඨකයෙකුගේ කියවීමේ අයිතිය තහවුරු කිරීමක් බව ඔබ දන්නවාද? එය එසේය. නමුත් මෙය බුද්දිමය දේපල හිමිකම් පනත උල්ලංගනය කිරීමක් නොවේ. මෙය වානිජ්‍ය ක්‍රියාවලියක් ද නොවේ. නමුත් මේ වෙනුවෙන් නිෂ්පාදිත පිරිවැයක් නැතුවාම නොවේ.

මෙකී වියදම් කෙසේ හෝ සපුරා ගත්තද තවත් එක් ගැටලුවක් පවතී. එනම් මානව සම්පත් සපුරා ගැනීමේ ගැටලුවයි. මේ පෝස්ටුවෙන් මා එකී මානව සම්පත් සපුරා ගැනීම අපේක්ශා කරයි. එනම් මේ බ්ලොග් අවකාෂයේ සැරිසරන ඔබට මේ සඳහා සම්බන්ද වීමේ හැකියාව ලබා දීමයි. ඔබට හැකි වේලාවක ඔබ සිටින නිහඬ පරිසරයක සිට අදාල පොත පටිගත කොට යලි අප වෙත ලබා දීම කල යුතුය. එහිදී අනුගමනය කල යුතු තාක්ෂනික ක්‍රමවේදයන් පිලිබඳව ඔබව පූර්න දැනුවත් කිරීමක් කරනු ලැබේ.

පොතක් කියවා තවත් පොතක් කියවිය නොහැකි අයෙකුගේ කියවීමේ ආශාව සන්සිඳවන්න ඔබත් කැමති නම් කරුනාකර අප හා සම්බන්ද වන්න.ඒ සඳහා ඔබ විසින් කියවූ පොතක කුඩා කොටසක හඬපටයක් සමග ඔබේ තොරතුරු  ahasenenna@gmail.com යන ලිපිනයට එවන්න. අදාල හඬ පටය ඔබේ ප්‍රදාන සුදුසුකම ලෙස සලකනු ලැබේ. ඊට අමතරව ඔබේ පරිගනක හැකියාව ද මේ සඳහා අත්‍යවශ්‍ය වන බව ද දැන්විය යුතු ය. ඔබේ තොරතුරු සමග ඔබ පහසුවෙන් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ද ලබාදීමට කාරුනික වන්න.ඔබ විසින් යොමු කරන හඬපට පිලිබඳ සහ ඔබේ පරිගනක හැකියාව පිලිබඳ සැලකිල්ලට ගෙන මේ සඳහා ඔබව තෝරා ගැනීමෙන් පසුව තාක්ෂනික පුහුනුව සඳහා රාවතාවත්ත මොරටුව පිහිටා ඇති ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලයේ මූලස්තානය ට පැමිනිය යුතු ය. මසකට වරක් ඔබ විසින් කියවූ පොත් ලබා දිය යුතු අතර ඒ සඳහා ඉරිදා හැර සතියේ වෙනත් ඕනෑම දිනයක පැමිනිය හැකි ය.
ඉතිරි සියලු තොරතුරු ඔබව තෝරා ගැනීමෙන් පසු ලබා දෙනු ඇත.

ප.ලි.
මෙය දැන්වීමක් නොවේ. දැනුවත් කිරීමකි.
මේ ගැන කැමැත්තක් ඇති අයටත් කියන්න.

3 comments:

  1. කසුන් අදයි මේ බ්ලොගයට අාවේ.. සින්ඩියටත් දා ගත්තා... අගේ අැති වැඩක්.... බ්ලොග් ලියන්නැති සහ දිගට ම ලියන්න බැරි අයටත් වටිනා උදව්වක්..... මොනවා වුණත් ඔබ විසින් බ්ලොග් ලෝකයට දක්වන්නා වු සහයට ස්තූති කළ යුතුයි...... මේ සහයෝගය දිගු කාලයකට අපි හැමෝට ම ශක්තියක් වේවි..... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුති කුරුටු. ඔබත් මට මීට මාස දෙක තුනකට පෙර සිට ම මේ වැඩවලට සහය දුන්නා. මේ බ්ලොග් කලාව ගැන මමත් තවම ඉගෙනගන්නවා. තවම අලුත්. නමුත් වෙනත් සමාජජාලාවලට වඩා මෙය හොඳ නිසා මෙතන නතරවුනා.

      Delete