නා මලින් ගැවසි ගත් සුවඳ
පිරි ගස් සෙවන
තවම මතකයි දුටුව මල් පාර පෙම් බඳින
බරනැසළු නිරිඳුන්ට රජ සැපත ගෙන දුන්න
සරසවිය මතක පොත විතරක් ද මා දකින
බිය වැදී හෙමි හෙමින් නැගූ පා ලකුනු මත
ඇඳී ඇත සොඳුරු සිතුවම් මව මවා දසත
සෙවන කස ගස් යටදි කඳුළු දුන් වදන් නෙත
සිනා රැල් ඇඳෙන්නේ අදයි සොයුරනි මසිත
හුදෙකලා ලෝකයක තනි වෙන්න කිසිම විට
නොදී බත්පතෙහි රස විඳ බැලූවෙත් එකට
කාක්කන් ඉගිල ආ දිනේදී අප වෙතට
සැප දැනුනි හැර දැමූ දිවි ගෙවූ පියස යට
කෙසඟ සිරුරෙහි ලකුණු මනින්නට මිමි නැතී
ඤාන ගබඩාව
තුළ දිය උනා සවි ගතී
දෙසුම්හල පිටිපසම පේලියේ දඟ ඇතී
අපි එක්ව අකුරු කල කොලත් දිය වී ඇතී
හන්තාන කඳු පෙලේ විඳ ගත්ත සෝ සුසුම්
අදත් මතකයි නේද අපි ගත්ත ඒ දිනුම්
කෑගසා කියන්නට නොහැකි මුත් මිතුරු දම්
මතක පොත පෙරලනා විට දැනෙයි ඒ විකුම්
ගෙවී වසරින් වසර යාත්රා පැමිණිලා
සාගරේ කෙලවරට අපිත් ඇත පා වෙලා
වෙහෙස වී සදා ගත් කෙම්බිමට ගොඩ වෙලා
අවසරයි මට යන්න කඳුළුවැල් සඟවලා!!!
නිර්මාණය: ඉෂානි ප්රදීපිකා රනසිංහ