නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

23 December, 2015

සරසවි සැමරුම්



නා මලින් ගැවසි ගත් සුවඳ පිරි ගස් සෙවන
තවම මතකයි දුටුව මල් පාර පෙම් බඳින
බරනැසළු නිරිඳුන්ට රජ සැපත ගෙන දුන්න‍
සරසවිය මතක පොත විතරක් ද මා දකින

බිය වැදී හෙමි හෙමින් නැගූ පා ලකුනු මත
ඇඳී ඇත සොඳුරු සිතුවම් මව මවා දසත
සෙවන කස ගස් යටදි කඳුළු දුන් වදන් නෙත
සිනා රැල් ඇඳෙන්නේ අදයි සොයුරනි මසිත

හුදෙකලා ලෝකයක තනි වෙන්න කිසිම විට
නොදී බත්පතෙහි රස විඳ බැලූවෙත් එකට
කාක්කන් ඉගිල ආ දිනේදී අප වෙතට
සැප දැනුනි හැර දැමූ  දිවි ගෙවූ පියස යට

කෙසඟ සිරුරෙහි ලකුණු මනින්නට මිමි නැතී
ඤාන ගබඩාව  තුළ දිය උනා සවි ගතී
දෙසුම්හල පිටිපසම පේලියේ දඟ ඇතී
අපි එක්ව අකුරු කල කොලත් දිය වී ඇතී

හන්තාන කඳු පෙලේ විඳ ගත්ත සෝ සුසුම්
අදත් මතකයි නේද අපි ගත්ත ඒ දිනුම්
කෑගසා කියන්නට නොහැකි මුත් මිතුරු දම්
මතක පොත පෙරලනා විට දැනෙයි ඒ විකුම්

ගෙවී වසරින් වසර යාත්‍රා පැමිණිලා
සාගරේ කෙලවරට අපිත් ඇත පා වෙලා
වෙහෙස වී සදා ගත් කෙම්බිමට ගොඩ වෙලා
අවසරයි මට යන්න කඳුළුවැල් සඟවලා!!!

නිර්මාණය: ඉෂානි ප්‍රදීපිකා රනසිංහ

4 comments:

  1. නිර්මාණය ලස්සනයි............

    ReplyDelete
  2. ලගන්නා සුළු නිර්මාණයක්,
    ජයෙන් ජය

    ReplyDelete
  3. නිර්මානය ප්‍රකාශයට පත් කල කසුන් අයියා ඇතුළු නිර්මාණය රසවිඳි හැමෝටම ගොඩක් ස්තුතියි සහ සැමට ජය!!!

    ReplyDelete