නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

18 May, 2016

සඳසාවී මා...

කවුලුවෙන් පේන රෑ අහස ඇත්තටම ලස්සනයි
තාරකා මල් යායක් මැද්දේ
ලස්සනට පුරා හඳක් පායලා
අහසට තනි නෑ
පුරා හඳ අහස මැද්දෙන්ම
තාරකා මල් වලට තනි නෑ
තරු මල් රෑණක් ඉන්නවා වටේටම
හඳටත් තනි නෑ
සාවියෙක් හැන්ගිලා තුරුල්ලෙම
ආසයි වෙන්න තිබුනානම්
කලා පිරුනු හඳක් මැද්දේ ආදරේ විඳින සාවියෙක්
තරු රෑණක් මැද්දේ හුරතලෙන් ඉන්න පුන්චි තරුවක්
මේ හැමදේම මැද්දෙන් නිල් අහසක් පුරාවට ආදරේ බෙදන සඳවතක්
හීන නම් දුරයි
එත් කවදා හරි හැබෑ වෙනවා සත්තයි
ඔය අහස මැද්දේ ගුලිවෙලා
තරු රෑණක් වටකරන්
හිනාවෙන්න තිබුනානම් හැමදාටම
ජීවිතේ විඳින්න පුලුවන් බව
මටත් දැනේවි...එදාට....
මම,
මිනෝලි

සටහන: මිනෝලි ලියනාරච්චි

4 comments:

  1. ස්තූතී මිනෝලි මේ බ්ලොග් එකට නිර්මාණ එවනවට.

    ලස්සන කවියක්.

    ReplyDelete
  2. කවි ටික නම් ලස්සනයි.

    ReplyDelete
  3. මේ බ්ලොග් එක දැං අතඇරල දාලද‍

    ReplyDelete