"සෙයිනුදීන් සෙයිනුදීන් කවුද සෙයිනුදීන්
කියන්නෙ?" නර්ස් නෝනෙකු හඬ නගනු මට ඇසේ.
"මෙහේ මෙහෙ......" කියමින් අපේ වාට්ටුවේ සිටි රෝගියෙක් පිළිතුරු දුන්නේය.
"සෙයිනුදීන් ඔයාට බලඩ් ටෙස්ට් එකක්
තියෙනවා"
"ආ.. සෙයිනුදීන්ද? මට ඇහුණෙ ප්‍රේමසිරි කියලා"
නර්ස් නෝනා මූණ දෙක කරගෙන යළිත් සෙයිනුදීන් සොයා යයි.
තවත් මොහොතක ඇය විත්,
"ප්‍රේමසිරිට සීනි තියෙනවද?" යැයි අසයි.
"ගෙනාපුව නම් නෑ... " කියමින් ඔහු තවත් මොනාදෝ කියන්නට
හදයි.
ප්‍රේමසිරිගේ හැටි දන්න නර්ස් නෝනා ඊට පෙර,
"දියවැඩියාව තියනවද?" යැයි විමසයි.
තවත් විටෙක ප්‍රේමසිරිගේ විහිළුවට ලක්වන්නේ පුහුණුවන
හෙදියකි.
"ඔයාට උණ තියෙනවද?"
"තියෙනවා ටිකක් දෙන්නද?"
ප්‍රතිකාර සඳහා හෝ තව අයෙකු ළඟ නතර වීමට ගිය බොහෝ
අවස්ථාවල මෙවැනි විහිළුකාර රෝගීන් මම දැක ඇත්තෙමි. පසුගිය දින දෙකක් කොළඹ ජාතික
රෝහලේ ප්‍රතිකාර ලැබූ කාලය තුළ හමුවූ එවැන්නා ප්‍රේමසිරිය. ප්‍රේමසිරිලා වැනි
රෝගීහු අනෙක් රෝගීන්ගේ, හෙද හෙදියන්ගේද පමණක් නොව වෛද්‍යවරුන්ගේද සෙනෙහස සිනහව
දිනාගන්නට සමත් වෙති.
රචනය: සන්ජීව වර්නකුලසූරිය
සන්ජීව, මේ වගේ විහිලු කාරයෝ ඉන්නකොටනම් ඉස්පිරිතාලෙ ඉන්නත් ආසයි. නැත්නම් වස කම්මැලියි. සමහර නස් නෝනලාගෙ ගනන් බලන්නත් එපායැ. සමහරුන්නම් හැබෑම හෙදියො. මේ දෙවනි ලිපිය.
ReplyDeleteඒක නම් ඇත්ත මචන්
Deleteමට දෙවැනි ලිපියෙන් ඉඩ වෙන්කළාට තුති
ජයවේ කස්!