වසන්තය ටිකෙන් ටික
මගෙන් ඈතට පලා යනවා
තනිකමේ දුරුදු ස්වර
මගේ හද වෙත ගලා එනවා
නුඹ ප්‍රමාදයි මිහිරියේ
නුඹ ප්‍රමාදයි මිහිරියේ
අඳුරු කුටියේ පිපෙන මල්වල
කඳුළු සුවඳයි හමන්නේ
නුඹේ විලවුන් සුවඳ පමණයි
මගේ තනියට තියෙන්නේ...
විරහවට මුල පුරන සිතුවිලි
දුකම පමණයි ගෙනෙන්නේ
නුඹේ සිනහවෙ මතක විතරයි
හිතේ සතුටට තියෙන්නේ...
රචනය: සංජීව වර්ණකුලසූරිය
කෝ අපිට පින්තූර දාන්නෙ නැද්ද?
ReplyDeleteඅඩේ මේකට ගැලපෙන පින්තූරයක් හොයාගන්න බැරි වුනා මචං.
Delete