ආදරේ ලස්සනයි,
හිතකට ලන් වුනාම දාලා යන්න ලෝබයි.
ලෝබකම වැඩි වුනාම හිතට බයයි
අනේ මන්දා
කොච්චර ලියන්න හිතුවත් හිතට දැනෙන්නේ ඒ බයම විතරයි.
නුඹ මටවත් මම නුඹටවත් අයිති නෑ
මම කවදාවත් අයිතියක් ඉල්ලන්නෙත් නෑ...
ඒ කලුවර අනාගතේට වැඩිය මට මේ අද දවස ගොඩක්
ලස්සනයි...
මම දන්නේ මෙච්චරයි
මම නුඹට ආදරෙයි...
මගේ අහසට
පාලොස්වක සඳ ඔබ...
අවපසින් බැස නොයා
සිහිලැළ් නෙත් කැල්මෙන්
මා සැමදා සනසවන...
තනි තරුවක්වත් අයිති නැති
මගේ මුලු අහස පුරාවටම,
එලිය දෙන ආදරෙන්
මගේ හිස් අහසට,
කලා පිරුණු පාලොස්වක සඳු නුඹ...
හැමදාටම...
රචනය: මිනෝලි ලියනාරච්චි
මේ පෝස්ටුවත් මට ලැබුනු එකක්.
ReplyDeleteමිනෝලි, ඔබේ අත්දැකීමක්ද කියල හිතෙන තරමට ඔබ මේ කවිය ලියලා. ඒ කියන්නෙ ඔයාට දැනෙන හැබෑම හැඟීම ඒ වචනෙන්ම අකුරු කරලා (කලාවත් එකතු කරලා)
හැමදාම ලියන්න. ඔබට ජය.
දැනුයි මේ පැත්තේ ආවේ.
Deleteඔයා හරි කසුන් අය්යේ, ගොඩක් වෙලාවට මට ලියවෙන්නේ මගේ ජීවිතේ ගැන. මේ මම අත්විදපු, තාමත් විදින, විඳවන කතාවක්.
අගය කලාට ස්තුතියි ඔයාට.
:)
ලස්සනයි..
ReplyDeleteමේවට උත්තර දෙන්න මිනෝලි ඇවිත් නෑ. මම ම උත්තර දෙන්නම්. මිනෝලි ආවොත් උත්තර දෙන්න.
Deleteස්තුති දිනේෂ් මේ පැත්තෙ ආවට.
ස්තුතියි දිනේශ් ඔයාටත්... :)
Delete