වනේ වන සතුරෙකුට කිසි දින නොවේවා මා විඳි
දුක,
අනේ මනමේ කුමරු මැරුවයි මා කලා හැම දෙන සැක,
බනේ කියනා මිනිස් මුවඟට නැගෙන නින්දා වදනක,
මගේ අසරනකම නොගෑවී ඇයිද අවමන් දී දුක,
මා පියාණන් මගෙ හදවත මිනිස් කමිනුත් පුරවලා,
රුවින් අගතැන් මගේ මනස ද නුවණින් ද අග තැන්
කලා,
රූසිරින් යුතු දනුදර වූ කුමරු සරණෙහි පාවලා,
පිටත් කෙරුවේ සැප විඳින්නයි අප දෙදෙන බරනැස
බලා,
මෙතෙක් කලකට දෙමව්පියනගෙ සෙනෙහසින් ඈතට
නොවී,
මනස සසලයි නුහුරු ලොවකට පිය නැගුව බව මතක්
වී,
කුමරු දනුදර සෑම මොහොතක මගේ ලඟ හිඳ
නොසෙල්වී,
සසල මනසට නුරා පෙම් රස මට ගෙනාවා තුරුල් වී,
තේජසින් නම් සැබෑවකි ඔහු පුරුෂයෙකි එඩිබල
ඇති,
දඩ මසින් පිර වූ කදකි ලඟ වැද්දෙකිය රුචියක්
නැති,
මගේ දනුදර කුමරු අබියස වන සතෙකි ඔහු එඩි නැති,
ඉදින් මස් වැද්දෙකුට මා හද පුදනු කුමට ද
සිත නැති.
උගේ එඩි බල නොමැති කලකදි මගෙන් අසිපත
උදුරලා,
නොදේ ඉහිලුම් මගේ කුමරුගෙ කඳෙන් හිස ඔහු වෙන් කලා,
ඉදින් නුඹලා චපල ගැහැණියකයැයි මට දොස්
පවරලා,
මුළු ලොවට කෑගසා සැනෙකින් මට හුඟක් අවමන්
කලා,
නිර්මාණය: ඉෂානි ප්රදීපිකා
කවදද මන්ද මෙයා එෆ්සී අයිඩි ගියේ
ReplyDeleteකවුද යකෝ අලි පැටියා දාල ගියේ
මතක නැතුව ගිය දුමිඳුව වාගේ තියේ
ඔහොම කථා අපි හොඳහැටි අසා තියේ
හැක් හැක්.
Delete