නිර්මාණකරුවනි ඔබත් එන්න

බ්ලොග් නොලියන නිර්මාණ කරන ඔබටයි මේ ආරාදනය. ඔබේ නිර්මාණයත් ahasenenna@gmail.com වෙත එවන්න. නිසැකවම ඔබටත් ඉඩක් ලැබෙනු ඇත. ඔබේ කවි, කතා, ලිපි ඇතුලු ඕනෑම නිර්මාණයක් බාර ගනු ලැබේ.
ස්තුතී
කසුන් නයනජිත්

28 September, 2015

ඔබ කැමති ද කියවන්න....?

මා ඔබට එක පොතක්, දෙදෙනෙක්! යන ලිපිය මේ බ්ලොග් අවකාශයෙන් කියවීමට ප්‍රකාශයට පත් කලා මට මතක ය. එය ඔබටත් නිසැකවම මතක ඇතුවාට සැක නැත. ඔබ එය නොකියවා ඇත්නම් මෙතනින් බලන්න.

ඉහත කී ලිපියේ සඳහන් පරිදී මේ ක්‍රියාවලියට දැන් ඔබටත් එක් විය හැකියි. ඔබ කවදාක හෝ පන්තියට ඇසෙන්නට පොතක් කියවා ඇතිද? එසේත් නැතිනම් වෙනත් අයෙකුට අසා සිටීමට, ඔබ පාඩම් කරන විට හඬ නගා පොත් කියවා ඇත. බොහෝ විට මේ කාර්ය සිදු වන්නේ මේ ආකාරයටයි. එනම් ඔබ කියවන පොත තවත් කෙනෙකු අසා සිටිනු ඇත. විශේෂය නම් ඔහු හෝ ඇය ඔබ කලින් කියවන විට අසා සිටි තැනැත්තා නොවීමයි.

ඔබ කියවන පොත තවත් ඔබ මෙන්ම පොත් කියවීමට ආසාවෙන් සිටින නමුත් කියවිය නොහැකි පාඨකයෙකුගේ කියවීමේ අයිතිය තහවුරු කිරීමක් බව ඔබ දන්නවාද? එය එසේය. නමුත් මෙය බුද්දිමය දේපල හිමිකම් පනත උල්ලංගනය කිරීමක් නොවේ. මෙය වානිජ්‍ය ක්‍රියාවලියක් ද නොවේ. නමුත් මේ වෙනුවෙන් නිෂ්පාදිත පිරිවැයක් නැතුවාම නොවේ.

මෙකී වියදම් කෙසේ හෝ සපුරා ගත්තද තවත් එක් ගැටලුවක් පවතී. එනම් මානව සම්පත් සපුරා ගැනීමේ ගැටලුවයි. මේ පෝස්ටුවෙන් මා එකී මානව සම්පත් සපුරා ගැනීම අපේක්ශා කරයි. එනම් මේ බ්ලොග් අවකාෂයේ සැරිසරන ඔබට මේ සඳහා සම්බන්ද වීමේ හැකියාව ලබා දීමයි. ඔබට හැකි වේලාවක ඔබ සිටින නිහඬ පරිසරයක සිට අදාල පොත පටිගත කොට යලි අප වෙත ලබා දීම කල යුතුය. එහිදී අනුගමනය කල යුතු තාක්ෂනික ක්‍රමවේදයන් පිලිබඳව ඔබව පූර්න දැනුවත් කිරීමක් කරනු ලැබේ.

පොතක් කියවා තවත් පොතක් කියවිය නොහැකි අයෙකුගේ කියවීමේ ආශාව සන්සිඳවන්න ඔබත් කැමති නම් කරුනාකර අප හා සම්බන්ද වන්න.ඒ සඳහා ඔබ විසින් කියවූ පොතක කුඩා කොටසක හඬපටයක් සමග ඔබේ තොරතුරු  ahasenenna@gmail.com යන ලිපිනයට එවන්න. අදාල හඬ පටය ඔබේ ප්‍රදාන සුදුසුකම ලෙස සලකනු ලැබේ. ඊට අමතරව ඔබේ පරිගනක හැකියාව ද මේ සඳහා අත්‍යවශ්‍ය වන බව ද දැන්විය යුතු ය. ඔබේ තොරතුරු සමග ඔබ පහසුවෙන් සම්බන්ද කරගත හැකි දුරකතන අංකයක් ද ලබාදීමට කාරුනික වන්න.ඔබ විසින් යොමු කරන හඬපට පිලිබඳ සහ ඔබේ පරිගනක හැකියාව පිලිබඳ සැලකිල්ලට ගෙන මේ සඳහා ඔබව තෝරා ගැනීමෙන් පසුව තාක්ෂනික පුහුනුව සඳහා රාවතාවත්ත මොරටුව පිහිටා ඇති ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාදිධාරී මන්ඩලයේ මූලස්තානය ට පැමිනිය යුතු ය. මසකට වරක් ඔබ විසින් කියවූ පොත් ලබා දිය යුතු අතර ඒ සඳහා ඉරිදා හැර සතියේ වෙනත් ඕනෑම දිනයක පැමිනිය හැකි ය.
ඉතිරි සියලු තොරතුරු ඔබව තෝරා ගැනීමෙන් පසු ලබා දෙනු ඇත.

ප.ලි.
මෙය දැන්වීමක් නොවේ. දැනුවත් කිරීමකි.
මේ ගැන කැමැත්තක් ඇති අයටත් කියන්න.

21 September, 2015

නුඹ ප්‍රමාදයි මිහිරියේ



වසන්තය ටිකෙන් ටික
මගෙන් ඈතට පලා යනවා
තනිකමේ දුරුදු ස්වර
මගේ හද වෙත ගලා එනවා
නුඹ ප්‍රමාදයි මිහිරියේ
නුඹ ප්‍රමාදයි මිහිරියේ
අඳුරු කුටියේ පිපෙන මල්වල
කඳුළු සුවඳයි හමන්නේ
නුඹේ විලවුන් සුවඳ පමණයි
මගේ තනියට තියෙන්නේ...
විරහවට මුල පුරන සිතුවිලි
දුකම පමණයි ගෙනෙන්නේ
නුඹේ සිනහවෙ මතක විතරයි
හිතේ සතුටට තියෙන්නේ...

රචනය: සංජීව වර්ණකුලසූරිය

18 September, 2015

මගේ සඳුට ආදරෙන්...



ආදරේ ලස්සනයි,
හිතකට ලන් වුනාම දාලා යන්න ලෝබයි.
ලෝබකම වැඩි වුනාම හිතට බයයි
අනේ මන්දා
කොච්චර ලියන්න හිතුවත් හිතට දැනෙන්නේ ඒ බයම විතරයි.
නුඹ මටවත් මම නුඹටවත් අයිති නෑ
මම කවදාවත් අයිතියක් ඉල්ලන්නෙත් නෑ...
ඒ කලුවර අනාගතේට වැඩිය මට මේ අද දවස ගොඩක් ලස්සනයි...
මම දන්නේ මෙච්චරයි
මම නුඹට ආදරෙයි...
මගේ අහසට 
පාලොස්වක සඳ ඔබ...
අවපසින් බැස නොයා
සිහිලැළ් නෙත් කැල්මෙන් 
මා සැමදා සනසවන...
තනි තරුවක්වත් අයිති නැති
මගේ මුලු අහස පුරාවටම,
එලිය දෙන ආදරෙන්
මගේ හිස් අහසට,
කලා පිරුණු පාලොස්වක සඳු නුඹ...
හැමදාටම...


රචනය: මිනෝලි ලියනාරච්චි

15 September, 2015

සෙයිනුදීන්....



"සෙයිනුදීන් සෙයිනුදීන් කවුද සෙයිනුදීන් කියන්නෙ?" නර්ස් නෝනෙකු හඬ නගනු මට ඇසේ.
"මෙහේ මෙහෙ......" කියමින් අපේ වාට්ටුවේ සිටි රෝගියෙක් පිළිතුරු දුන්නේය.
"සෙයිනුදීන් ඔයාට බලඩ් ටෙස්ට් එකක් තියෙනවා"
"ආ.. සෙයිනුදීන්ද? මට ඇහුණෙ ප්‍රේමසිරි කියලා"
නර්ස් නෝනා මූණ දෙක කරගෙන යළිත් සෙයිනුදීන් සොයා යයි.
තවත් මොහොතක ඇය විත්,
"ප්‍රේමසිරිට සීනි තියෙනවද?" යැයි අසයි.
"ගෙනාපුව නම් නෑ... " කියමින් ඔහු තවත් මොනාදෝ කියන්නට හදයි.
ප්‍රේමසිරිගේ හැටි දන්න නර්ස් නෝනා ඊට පෙර,
"දියවැඩියාව තියනවද?" යැයි විමසයි.
තවත් විටෙක ප්‍රේමසිරිගේ විහිළුවට ලක්වන්නේ පුහුණුවන හෙදියකි.
"ඔයාට උණ තියෙනවද?"
"තියෙනවා ටිකක් දෙන්නද?"
ප්‍රතිකාර සඳහා හෝ තව අයෙකු ළඟ නතර වීමට ගිය බොහෝ අවස්ථාවල මෙවැනි විහිළුකාර රෝගීන් මම දැක ඇත්තෙමි. පසුගිය දින දෙකක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ කාලය තුළ හමුවූ එවැන්නා ප්‍රේමසිරිය. ප්‍රේමසිරිලා වැනි රෝගීහු අනෙක් රෝගීන්ගේ, හෙද හෙදියන්ගේද පමණක් නොව වෛද්‍යවරුන්ගේද සෙනෙහස සිනහව දිනාගන්නට සමත් වෙති.

රචනය: සන්ජීව වර්නකුලසූරිය

01 September, 2015

බැස යන සඳ



උදෑසනින් අවධි වූ මම කඩිමුඩියේ සූදානම් වූයේ ළහිරු හා චාමික සමග කොළඹ බලා යාමට ය. ළහි ලහියේ සූදානම් වී ඔව්න් එන තුරු කොට්ටම්බා ගස යට බංකුවේ වාඩි උනෙමි. ඇයි පුතේ මේ හදිසියේම කොළඹ යන්නේ? අසමින් අම්මා තේ කෝප්පයක් මා අත තැබුවා ය. සඳරු නංගී ගැන තාම කිසිම ආරන්චියක් නෑනෙ අම්මේ. ළහිරුට තව කීප තැනකම බලන්න තියනවාලු. ඒකයි මේ යන්නේ අම්මේ.
පුතාලා යන එකත් හොඳා. ඒ දරුවත් බොහෝම හිත් අමාරුවෙන්නේ ඉන්නේ. අම්මා කීවා ය. සඳරු ළහිරුගේ පෙම්වතිය වේ. ඔව්නගේ සම්බන්ධයට ද දැනට වසර 8 ක් පමණ වේ. ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නැති වී දැනට සති දෙකකටත් ආසන්න ය. ඇයගේ මවු පියන්ට ඇය සෙවීමට උනන්දුවක් නැති වීම අප කාගෙත් පුදුමයට හේතු වී තිබුණි.
කඩුල්ළ අසළ නතර කළ චාමිකගේ මෝටර් රථයේ නළා හඬ ඇසුනු විට අම්මාට වැඳ ගොස් එහි නැඟ ගත්තෙමි. රථය ඇඳුණු මාවත දෙපස දිස්වූයේ ඈතින් ඈතට විහිදුනු කෙත් යායන් ය. හිරු උදාවෙමින් තිබුණු නිසා අඳුර ද කෙමින් කෙමින් පහව යමින් තිබුණි. කලා වැව අසලින් රථය ගමන් කරන විට මගේ නෙත ගැටුනේ හිරු රශ්මියෙන් බඹලන අව්කන බුදු පිළිමයයි. වෙනදා නම් මෙවන් ගමනක් යන විට සිනාව හා කතාව නිමක් නැත. එහෙත් අද? වචනයක් දෙකක් හෝ කතා කළේ මමත් චාමිකත් පමණි.
මෝටර් රථය අප ඉගෙන ගත් පාසල අසලින් ගමන් කරන විට මගේ සිත අතීතයට දිව ගියේ ය. ළහිරුත් මමත් කුඩා කල සිට හොදම මිතුරන් වීමු. ඉගෙන ගත්තේ ද එකම පාසලේ එකම පන්තියේ ය. මගේ පියාත් ළහිරුගේ පියාත් ගොවියන් වූහ.  පාසල් අධ්‍යාපනය නිම කළ පසු අප ඔව්නට උදව් උනෙමු.
සඳරු අපේ ගමේ උන් සුන්තරම යුවතිය කීවොත් මා නිවැරදි ය. පෙනුමෙන් සුන්දර සුරූපිනියක් වූ ඈ සුන්දර සිතැත්තියක් බව බොහෝ දෙනෙක් කියා ඇත. ළහිරුත්, සඳරු නංගීත් අතර ආදර සම්බන්ධයක් ඇති වන විට අප පාසල් අධ්‍යාපනය නිම කර තිබුණු අතර සඳරු සාමාන්‍ය පෙළ විබාගය ලියා සිටියා ය. ළහිරු ඇයට මුළු හදවතින් ම ආදරය කල බව මම හොඳාකාරයෙන්ම දනිමි. සඳරු උසස් ලෙස සාමාන්‍ය පෙළ විබාගය සමත් වුන ද ඇය උසස් පෙළ පන්තියට ඇතුලත් නොවී ය. ඒ පිළිබඳව ළහිරු සඳරු ගෙන් විමසූ විට ඈ කියා තිබුනේ පවුලේ පවතින අග හිඟකම් මද්‍යෙය් ඇයට තවදුරටත් පාසල් යා නො හැකි බව ය. ඒ වන විට ඇයගේ පියා ද ගසකින් වැටී එක් තැන් වී උන්නේ ය. දිනක් ළහිරු සඳරුට කියූ වඳනක් මට අද මෙන් සිහි වේ. සඳරු ඔයා ඉස්කෝලේ යන්න. මං හැම වියදමක්ම බලා ගන්නම්. මට ලබා ගන්න බැරි වුණු දේ ඔයා කොහොම හරි ලබා ගන්න ඕන. මං ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. ඒ බව සඳරුගේ මවු පියන්ටත් ළහිරු තම මවු පියන්ටත් දැනුම් දුණි.
සඳරුඋසස් පෙළ පන්තියට ඇතුළු වූ අතර ඇය ආශා කළේ වෛද්‍යවරියක් වීමට ය. ඇයගේ ආශාම ඉටු කිරීම ළහිරුගේ ද ඉලක්කය විය. ඉන් පසු ළහිරු දිවා රෑ නො බලා වෙහෙසුනේ සඳරුගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ය. ඇයට කිසිදු දේකින් අඩු පාඩුවක් නො වීමට ඔහු වග බලා ගත්තේ ය. ගොවිතැන් කටයුතුවලට අමතරව ඔහු ඉදහිට වෙනත් කුලී වැඩ ද කළේ ය. දිනක් ළහිරුත්, මමත් දිවා ආහාරය ගනිමින් සිටිය දී සඳරු නංගී කඳුලු පිරි දෑසින් යුතුව අප වෙත ආවා ය. අද විභාග ප්‍රතිඵල ආවා. මං හොඳටම පාස් වෙලා. කියමින් ඈ ප්‍රතිඵල ලේඛනය ළහිරු වෙත පෑවා ය. එහි ඒ තුනක් ලෙස සඳහන් වී තිබුණි. ඒ දුටු ළහිරුගේ දෑසට ද සතුටු කඳුලු ගලා ආ හැටි මට සිහි වේ. සඳරුගේ මවු පියන් ළහිරුට පින් දුනි. සෑම දෙනාම කීවේ ළහිරු සඳරු නංගීව හොඳ තැනකට යවන බව ය. ඔවුන් කතා කළේ ඔහු ඈ වෙනුවෙන් වෙහෙසීම පිළිබදව ය. විශ්ව විද්‍යාලයට යාමට අදිමදි කළ සඳරු උනන්දු කලේ ද ළහිරු ය.
සඳරු නංගී කොලඹ වෛද්‍ය පීටයට ඇතුළු වූවා ය. ඉන් පසු ඇයගේ වියදම් තිබුනාටත් වඩා කීප ගුනයකින් වැඩි විය. කලින්ම ඒ බව ඉවෙන් මෙන් දැනගත් ළහිරු පෙරටත් වඩා වැඩි වැඩියෙන් වෙහෙසී මුදල් ඉපයූවේ ඇයට කිසිදු අඩු පාඩුවක් නො කිරීමේ අටියෙනි. සඳරු විශ්ව විද්‍යාලයට ගිය මුල් කාලයේ සෑම සති අන්තයකම නිවසට ආවා ය. ඈ නිවසට ආවේත් යලි විශ්ව විද්‍යාලයට ගියේත් ළහිරු සමග ය. කොපමන වෙහෙසකාරී ගමනක් වුව ද ඔහු සිතුවේ සඳරුගේ ආරක්ෂාව පිළිබදව ය.
උදෑසන ආහාරය ගැනීමට අපි අවන්හලක් අසල රථය නතර කරෙමු.
ඔය දෙන්නා ගිහින් කන්න. මට කන්න බෑ. ළහිරු කීවේ ය. දැන් දවස් කීයකින් හරියට කෑවේ නැද්ද? ලෙඩෙක් වෙන්න ද හදන්නේ? චාමික ඇසුවේ ය. චාමිකත්, මමත් ඔහුට බලෙන් මෙන් ඉදියාප්ප දෙක තුනක් කැවුවේ ය. අපි යලිත් ගමන ඇරඹුවෙමු. මග දෙපස වූ දෑ මට පෙනුනේ ද විකාර රූපී දේ ලෙස ය. සිතේ වූ චංචල බව නිසා විය හැකි යැයි මම සිතුවෙමි. කොළඹ විශ්ව විද්‍යාලයට ගිය සඳරු මුල් කාලයේ නිතර ගමට ආවත් පසුව ක්‍රමයෙන් ඇයගේ පැමිණීම අඩු විය. ඇය ගමට අවුත් ළහිරුට නොකියාම ගොස් තිබුණු දින ද තිබුණි. ළහිරු එවන් දිනවල දුක් වුව ද ඔහු සිතුවේ ඇයගේ පාඩම් කටයුතු නිසා ඈ කලබලයෙන් යන්නට ඇතැයි කියා ය. සඳරු තරුණයෙකු සමග කොළඹ දී කීප වරක් දුටු බවත්, ඒ සෑම මොහොතකම ඇය නො දුටු ලෙස මග හැර ගිය බවත්, චාමික මා හට කීප වරක්ම පැවසුවේ ය. මා එවිට ඔහුට කීවේ ඇයගේ  යාලුවෙක් වෙන්න ඇති කියා ය. ඇය පිළිබදව මගේ සිතේ ද තිබුනේ මාගේම නංගි කෙනෙකු ගැන මෙන් විස්වාසයකි. ළහිරුට චාමිකගේ පුවත කියූ විට ඔහු කීවේ ද මා කී ලෙසම ය. චාමිකගේ ඒ පුවත දිනක් ඇසූ අපේ මිතුරෙක් කියූ වඳනක් මට සිහි වේ.
*තටු දුන්නට පස්සේ කිරිල්ලී ඉගිල්ලිලා යයිද දන්නෑ?
එය ඇසුණු ළහිරු  පිළිතුරු දුන්නේ දැඩි විස්වාසයකිනි. නෑ නෑ. උඹලට පිස්සු. සඳරු එහෙම කෙල්ලක් නෙවෙයි.
දිනක් හදිසියේ ම කොළඹ ගිය ළහිරුට සඳරු සමග අමුත්තෙකු මුනගැසී ඇත. මේ මගේ හොඳම යාලුවෙක්. නම රුක්ෂාන්. ඉගෙන ගන්න දේවලදී මට ගොඩක් උදවු කරනවා. ඇය තම මිතුරා ළහිරුට හඳුන්වා දී තිබුන ද ළහිරු ඔහුට හඳුන්වා දී නැත. එම සිද්දියෙන් පසු ළහිරු චිත්ත පීඩාවෙන් පසු වන බව මට හැඟුණි. රුක්ෂාන් පිළිබදව ළහිරු ඇය ගෙන් ඇසූ විට ඈ කියා ඇත්තේ තමාට බොහොසෙයින් උපකාර කරන මිතුරෙක් බැවින් අහිතක් නො සිතන ලෙස ය. ඒ සිදුවීමෙන් පසුව ළහිරුගේ සිතේ ඇය පිළිබද වූ විස්වාසය තවත් වැඩි වූ බව මට ඔහුගේ කතාවෙන් වැටහුණි. නමුත් මේ වන විට සඳරු පිළිබඳව මගේ සිතේ කොනක සැකයේ පැළයක් මුල් ඇදමින් තිබුණි.
කාලය ගලා ගියේ කාටත් හොරා ඉතා වේගයෙනි. සඳරු වෛද්‍ය පීටයේ අධ්‍යාපනය ඉතාම හොඳින් ලබා ගෙන නිම කළා ය. නමුත් ඈ ගමට ආවේ නැත. නොයෙක් වැඩ ඇති බව කියමින්ඈ කොළඹ රැඳුණි. ඇය නතර වී උන් මිතුරියගේ නිවසට ළහිරු සෑම සති අන්තයකම ගිය ද ඇය හමු නොවුණි. බොහෝ දිනවල ඈ නිවසෙන් බැහැර ගොස් තිබුණි. මේ සිදුවීම් සමග සඳරු ඔහු මග හරිනවාද යන සැකය මසිතේ හොල්මන් කරන්නට විය.
ළහිරු බොහෝ ආශාවෙන් පසු වූයේ සඳරුගේ උපාදි ප්‍රදාන උත්සවයට සහභාගි වීමට ය. වසර ගනණාවක් පුරා දිවා රෑ නොබලා වෙහෙසුණු ඔහු මෙවන් දිනක කොතරම් සතුටු වේ දැයි මා ද සිතුවේ ය. නමුත් සිදුවූවේ අනිකකි. උත්සවයට යාමට සඳරු හෝ ඇයගේ මවුපියන් හෝ ඔහුට ආරාධනා නො කළේ ය. උත්සවය තිබුණු බව ද ඔහු දැනගත්තේ පසුව ය. මේ සිදුවීමේන් බොහෝ සෙයින් කම්පා වූ ඔහු ඒ ගැන ඇය ගෙන් විමසීය.
ඔයාට වැඩ පාඩු වෙන නිසා කියුවේ. නෑ. අනික ඔයාලට ඔය වගේ තැන්වලට ගිහින් හුරුත් නෑනේ. ඇයගේ මේ වඳන් ළහිරුගේ සිත තවතවත් පාරන්නට විය. ඇයගේ මේ ක්‍රියාකලාපය මගේ සිතට ද ගෙන ආවේ වේදනාවක් මෙන්ම කෝපයකි.
සඳරු පිළිබදව කිසිදු තොරතුරක් නැති වී අද වන විට සති දෙකක් පමණ ගත වී ඇත. ඇය අවසන් දින කිහිපයේ ද කොළඹ නැවතී සිටි නිසා අප සිත් තුළ වූ බිය අපමණය. ළහිරු හඳුනණ ඇයගේ සෑම මිතුරියකගේම නිවෙස්වල අපි ඈ සතියක් පමණ සෙවුවෙමු. එහෙත් කිසිදු තොරතුරක් නො ලද්දෙමු. අද ද අප ආවේ ඇය අවසන් වරට නැවතී උන් නිවසට ය. මං එහෙනම් යන්නම්. ඕනැකමක් උනොත් ඕනම වෙලාවක කතා කරන්න. මං එන්නම්. කියමින් චාමික අපව ගල්කිස්ස නගරයෙන් බස්සා ගියේ ය. අප ගිය නිවසේ කිසිවෙක් නොවීය. කුමක් කළ යුතු දැයි යන සිතුවිල්ලෙන් අප දෙදෙන මුහුදු වෙරළ දෙසට ඇවිද ආවෙමු. ළහිරුගේ මුහුණ තවත් මලානික වී ඇති බව මට පෙනුනි. මා කුමක් කිව යුතු දැයි මට සිතා ගත නො හැකි ය.
රත් පැහැ වූ හිරු මුහුදේ ගිලෙමින් තිබුණි. මහා වර්ශාවක පෙරනිමිති පිළිබිඹු කරමින් වැහි වළාකුළු අහසෙ පුරා පාවී යන්නට විය. ඉමක් නිමක් නො පෙනෙන සිතිජය දෙස බලා ගත් වනම උන් ළහිරු උන්නේ කල්පනාබරිතව ය. බිඳී විසිරෙණ රළ ගෙඩි දෙස මා බලා උන්නේ ඔහුගේ සිත සැනසීමට කුමක් කල යුතු ද කුමක් කිව යුතු ද සිතමින් ය. හදිසියේම ඔහුගේ ජංගම දුරකතනය නාද විය. ඔහු එය අතට ගත්තේ ද උදාසීනව ය.
හලෝ ළහිරු
සදරු ඔයා. ඔයා කොහෙද? ඔයා හොඳින් නේද? අපි කොච්චර ඔයාව හෙවුවද? අපි දැනුත් කොළඹ. මට කියන්න ඔයා කොහෙද ඉන්නේ කියලා. මං දැම්ම එන්නම්.
ඒ කතා කරන්නේ සඳරු බව වටහා ගත් මා ළහිරු වෙත ළං වූයේ ඈ කොහේ සිටිනවා ද යන්න දැන ගැනීමේ රිසියෙනි. දින කිහිපයකට පසු ළහිරුගේ මුහුනේ සිනා රැල්ලක් ඇදී ඇති බව මම දුටිමි. ඔහුට ඇයගෙන් ඇසීමට ප්‍රශ්න ගලා ආ අතර ඒ සෑම දේම ඔහු ඇසුවේ නොසන්සුන්ව ය.
මට සමා වෙන්න ළහිරු. මං රුක්ෂාන් බැන්දා. අපි තව ටිකකින් එංගලන්තේ යනවා. ඔයා මට ගොඩක් උදවු කළා. ඒ හැම දේටම ඔයාට ස්තූතී. දැන් මාව අමතක කරලා ඔයා වෙන කෙනෙක් ගැන හිතන්න. හොඳ කෙනෙක් හම්බෙයි.
සඳරුගේ මේ වඳන් මට දැනුනේ ළය හරහා යන පිහි පාරක් ලෙස ය. සඳරු ඔයා මේ මොනවද කියන්නේ? ඒ වන විට දුරකතනය විසන්දි වී තිබුණි. සඳරු ගිහින්. ඔහු මිමුනුවේ ය. කිසිවක් සිතා ගත නො හැකිව සිටි මා ඔහු දෙස බලා උන්නේ ය. මා දුටුවේ ඔහුගේ දෑසින් ගිලිහී දෙකපුළ හරහා රූරා වැටෙන දයාබර කඳුලු බිඳු පමණි.

නිර්මාණය: සත්‍යා නිර්මාණී වීරසූරිය.